නිමල් රාජපක්ෂ-
සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන් ගන්නා වූ සියලු තින්දූ තීරණ කිසිදු දේශපාලන වාසියක් හෝ ජනප්‍රියත්වයක් වෙනුවෙන් නොගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
ගනු ලබන සියලු තීන්දු තීරණ ඉදිරි වසර කිහිපය දී මෙරට සෞඛ්‍ය සේවාවේ ප්රගමනයට මෙන්ම රටේ අභිවෘද්ධියට කෙතරම් දුරට ඉවහල් වන්නේද යන්න සලකා බලමින් ගන්නා බවත්, කිසිදු දේශපාලන වාසියකට හෝ ජනප්‍රියත්වය සලකා තීන්දු තීරණ නොගන්නා බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලද්දේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල, කොළඹ ද සොයිසා කාන්තා රෝහල, මහමෝදර ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මාතර මහ රෝහල ඇතුළු සෞඛ්‍ය ආයතන 17 කට අධක්ෂවරුන් පත්කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක්වෙමිණි.
එම පත්වීම් ලිපි ප්රදානය පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.
මෙහි දී කාසල්වීදියේ කාන්තා රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග, ද සොයිසා මාතෘ (ශික්ෂණ) රෝහලේ අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය සී.පෙරේරා, මහමෝදර ශික්ෂණ රෝහලේ (ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල) අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය කේ.එම්. සෝමරත්න, ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ ලෙස වෛද්‍ය බී.අයි.කුරුකුලසූරිය සහ මාතර මහ රෝහලේ අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය ජේ.පී. රණසිංහ යන මහත්ම මහත්මීන් අමාත්‍යවරයා අතින් පත්වීම් ලබාගන්නා ලදී.
එමෙන්ම වෛද්‍ය ඒ.එම්.එස්.බණ්ඩාර සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය එන්.සරවණබවන් නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ඒ.එම්.ටී.කේ.අත්තනායක බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය පී.ඒ.ඩී.ඩී.එස්.පොන්වීර පුත්තලම ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එස්.එස්.වික්‍රම නුවර ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය එස්.ටී.ඒ.පී.සේරසිංහ මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය සී.මුරගේ කළුතර ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය බී.කායල්විලි වයඹ පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ඊ.රාජපක්ෂ අධ්යක්ෂ මානසික සෞඛ්‍ය, වෛද්‍ය ජේ.කේ.එම්.එන්.ජයකොඩි මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ, වෛද්‍ය ජේ.එම්.එස්.ඒ.ජයසිංහ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ, වෛද්‍ය එන්.එච්. ධර්මතිලක ආහාර පරිපාලක පාලන ඒකකයේ අධ්යක්ෂ වශයෙන් ද අමාත්‍යවරයා අතින් මෙහිදී පත්වීම් ලිපි ලබා ගන්නා ලදී.
පත්වීම් ලැබුවන්ගේ වෘත්තීය ජීවිතයට සුභ පැතුම් එක්කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවේ ඉදිරි පියවරක් ලෙස මෙම පත්වීම් ප්රදානය හැදින්විය හැකි බව ද පැවසීය. මින් පෙර ලබාදුන් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් පත්වීම් 09 සහ මෙම අධ්යක්ෂ පත්වීම් 17 ද ඉදිරියේ දී ලබාදීමට නියමිත සෞඛ්‍ය පරිපාලන සේවයේ පත්වීම් ද ඔබ විසින් උපයා ගත් දේවල් පමණක් නොවන බවත්, අමාත්‍යාංශය ලෙස ලේකම්තුමා සහ නිලධාරීන් සිදුකල කැපවීමක ප්‍රතිඵලයක් බව ද සඳහන් කර සිටියේය.
රටේ ආර්ථිකය සේම සෞඛ්‍ය අමාත්‍යාංශයේත් විශ්වාසය ගොඩනැගීමේ කාර්ය මෙම අමාත්‍යාංශය භාරගන්නා විට තමන්ටත්,ලේකම් ඇතුළු නිලධාරීන්ට පැවරුණු බව මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා පෙර වසරවල්වල සිදුවූ ක්‍රියාවලීන් පළුදු වී තිබූ විශ්වාසය මේ වන විට එම විශ්වාසය තහවරු කර ඇති බවද පැවසීය. ඊළඟ වසර එක හමාරක කාලය තුළ එම ස්ථීරත්වය මත පදනම්ව ගොඩනැගීම සිදුකරන බවත් සදහන් කර සිටියේ ය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග ජනතාව සම්බන්ධීකරණය කිරීමේ කාර්ය අංශ ප්‍රධානීන් ලෙස අධ්යක්ෂවරුන් සිදුකළ යුතු බව අංශ ප්‍රධානියා ශක්තිමත්ව, අරමුණකට රාජකාරී කටයුතු සිදුකරන්නේනම් ආයතනය සැලකියයුතු මට්ටමකින් වර්ධනය වන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය. එමෙන් ම අමාත්‍යාංශ මට්ටමින්, ජාතික මට්ටමින් ගන්නා තීන්දු තිරණ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික එච්.ගමගේ, කේ.පී. යෝගචන්ද්‍ර, නියෝජ්‍ය අ්යක්ෂ ජනරාල් (රසායනාලාර සේවා) විශේෂඥ වෛද්‍ය අර්ජුණ තිලකරත්න, අධ්යක්ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
