Spread the love


නිමල් රාජපක්ෂ-

දුම්රිය සමාන්‍යාධිකාරී එච්.එම්.කේ .ඩබ්ලිව් බණ්ඩාර මහතා ඊයේ (22)රාත්‍රියේ අනුරාධපුරයේ දුම්රිය නිවාඩු නිකේතනයේ සිටියදි අභාවප්‍රාප්ත වී ඇත.

මේ වනවිට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ දේහන අනුරාධපුර මුලික රෝහලේ තිබෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියකු පැවසුවේය.
අනුරාධපුර දුම්රිය ස්ථානයට අනුුබද්ධව ඉදිකෙරෙන ගොඩනැගිල්ලක් හා මහව අනුරාධපුර දුම්රිය ස්ථාන අතර ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ සොයා බැලිිම සදහා ඊයේ දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ .ඩබ්ලිව් බණ්ඩාර මහතා ඇතුලු නිලධාරී කණ්ඩායක් අනුරාධපුරයට ගොස් තිබේ. පසුව රාත්‍රියේ නිදා ගැනීම සදහා අනුරාධපුර දුම්රිය නිවාඩු නිකේතනයට ගියද අද (23) උදෑසන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නැගිට්ටේ නැති බැවින් ද ඒමහතාගේ කථා කලද කිසිදු උත්තරයක් නොමැති බැවින් ඹහු නිදා සිටිය කාමරයේ දොර කඩා බැලිමේදි ඇදඋඩ කිසිදු හැල හොල්මන් නොමැතිව නින්දගොස්ම සිටියද අවදි නොවු බැවින් වහාම අනුරාධපුර රෝහල රැගෙන විත් තිබේ. එහිදි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරනය වී තිබේ.