Spread the love

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 24ක් දක්වා ඉහළගොස්ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි.

වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද මෙම ගින්නෙන් විනාශ වී ඇති බවද වාර්තාවෙයි..

දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යෑම ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි.

ගින්නෙන් ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, පුද්ගලයින් 27,000ක් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.

දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප 6ක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර, පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ