නිමල් රාජපක්ෂ-
දිනෙන් දින වැඩි වන උතුරු නැගෙනහිර පළාත්වල ඉන්දීය ධීවර ආක්‍රමණය නවතාලීමට තමන් සෑම විටම උත්සහා ගත් අතර එම කටයුතු වලදී උතුරේ අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජිතයින් වෙනත් මත දැරීම සිදු වුවද වර්ථමානය වන විට සත්‍ය අවබෝධ කරගෙන උතුරේ ධීවර ගැටළුව විසදීම සදහා විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් එකතුවීම ධීවර අමාත්‍යවරයා ලෙස තමන් ඉතා අගය කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
උතුරේ දේශපාලඥයින් ඉන්දීය ධීවර ආක්‍රමණය පිළිබද විවේචනාත්මකව සිදු කල ප්‍රකාශයන් පිළිබද යාපනය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ,තමිල් අරුසු කච්ච පක්ෂය වෙනුවෙන් ර්ශ්රදරන්, එම් .ඒ. සුමන්දිරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අංගජන් රාමනාදන් වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් ඉන්දීය ධිවර ගැටළුව විසදීමට එකම මතයකට පැමිණීම සතුටට කරුණක් වන බවත් ඔවුන් සම්මත
කරගත් යෝජනාවකට අනුව ඉන්දීය ධීවරයන්ට කිසිදු ආකාරයේ ධීවර කටයුත්තකට අවසර නොදීමට ගන්නා වු තීරණය ඉතා වැදගත් බවත් තමන් ධීවර අමාත්‍යවරයා පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වු ඩග්ලස් දේවානන්ද මහතා ,දිගින් දිගටම මෙම ඉන්දීය ධීවර ආක්‍රමණය නවතාලීමට කටයුතු කරමින් සිටින බවත් පැවසීය. තවද එවැනි අවස්ථාවක උතුරේ සියලු දේශපාලන නියෝජිතයින් එකමතයකට පැමිණීම තමන්ගේ කටයුතු වලට ඉතා ශක්තියක් වන අතර ඉදිරියේදීද ඔවුන් සමගද කටයුතු කරමින් ඉන්දීය ධීවර ගැටළුව විසදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
