Spread the love

අම්බලන්තොට පොලිස් වසමේ ඇලේගොඩ බටහිර ප්‍රදේශයේදී දෙපාර්‌ශවයක් අතර ඇති වූ ආරවුලකදී පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් තිදෙනා මියගොස් ඇති බවට අම්බලන්තොට පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.

මරණකරුවන් අවුරුදු 29 ත් 45 ත් අතර වයස්වල පසුවන ඇලේගොඩ, මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මරණකරුවන් හා තවත් පාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතන සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විර්මශනයේදී අනාවරණය වී ඇත.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර, අම්බලන්තොට පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.