Spread the love

නිමල් රාජපක්ෂ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කාර්යාලයේ මගින් දෛනිකව සිදු කරන ලබන මාර්ග ගත රියදුරු බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රියාවලිය අදාල කාර්යාලයේ දුරකථන සම්බන්ධතා බිද වැටීම හේතුවෙන් මේ වනවිට අකර්මර්ණය වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.
නමුත් මේ වනවිටත් දුරකථන ජාලය යාවත්කාලීන කිරිමේ කටයුතු සිදු කරමින් පවතින බැවින් ඉතා කඩිනමින් නැවතත් මාර්ගගත රියදුරු බලපත් නිකුත් කිරීමේ ක්‍රයාවලිය සක්‍රිය කිරිමට පියවර ගන්නා බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේය.