Spread the love

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට (10) යෙදී තිබෙනවා.

මෙරට ඉස්ලාමීය බැතිමතුන් අද දිනයේ දී රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය ඊයේ (09) නිවේදනය කළා.

පුරා මාසයක් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට හිරු බැස යනතුරු නිරාහාරව සිට ඉස්ලාම් බැතිමතුන් උපවාස සීලය රැකීමට කටයුතු කළ අතර මෙය ආත්ම දමනය කෙරෙන පුණ්‍ය කාලයක් මෙන්ම අනෙකාගේ බඩගින්න, දුක සහ අවශ්‍යතා තේරුම් ගන්නා කාලයක් ලෙසයි සැලකෙන්නේ.