Spread the love

රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා ලබා දී තිබූ පොළී අනුපාතය 5% දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරෝධය පල කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

“අපි ඉතාම තරයේ විරෝධය පළකරනවා මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15% ක් ඒ අයගේ ඉතුරුම් වලට ලබාදීලා තිබූ ඒ අනුපාතය 5% දක්වා අඩු කිරීම ගැන. මොකද මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතැමුන් තමන්ගේ බේත් හේත් ටික ලබා ගන්නේ ජීවත් වෙන්නේ මේකෙන්. ඒකට මෙවැනි බාධකයක් එල්ල කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. අඩු ම ගානේ මේ 15% සීමාව ඔවුන් සම්බන්ධයෙන්වත් පවත්වගෙන යන්න ඕනේ.

අපි අහන්නේ මහ බැංකුව හා ආණ්ඩුවෙන් එක දෙයයි. විශේෂයෙන් බැංකු වලින් ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ පමණක් අක්‍රීය ණය ප්‍රමාණය රු. බි. 616 ක් මහජන බැංකුවේ 280 ක්. ලංකා බැංකුවේ 336 ක්. ඒවා අයකර ගැනීමට, ඒක ලෝකේ තියෙන ලොකුම අනුපාතයක්. මහජන බැංකුවේ 15% කට අධික ප්‍රමාණයක් අක්‍රිය ණය ප්‍රතිශතය. ඒ ණය අය කර ගන්නේ නැතුව මේ රටට මෙහෙවරක් කරපු මේ අහිංසක ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ඊපීඑෆ් එක, ඊටීඑෆ් එක හා විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන මේ ජනතාවට මේ බාධාව, මේ බර දැමීම, ඔවුන් මරණය කරා කැඳවාගෙන යන ක්‍රියාවලියක්. ඉතින් ඒ නිසා ඔවුන් අද ඇඬූ කඳුළින් ඉන්නේ, එය වහාම වෙනස් කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා