Spread the love


නිමල් රාජපක්ෂ

සුරාබදු දෙපාර්තුමේන්තුවට මේ වසරේ රුපියල් බිලියන 242 ආදායම් ඉලක්කයක් රජය මගින් ලබා දී ඇතත් ගතවු මාස 9 තුළ රුපියල් බිලියන 190.4 ආදායමක් උපයා ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා පවසයි.
දල වශයෙන් මාස 9 කට ආදායම් ඉල්ලකය වි ඇත්තේ රුපියල් බිලියන 177 ක් වන අතර නිලධාරින්ගේ දක්ෂ තාවය මත මේ වනවිට 107/.6% ප්‍රතිශතයක් පෙන්වා දෙයි. එය 2024 වසරේ සමාලෝචිත කාලයට සාපේක්ෂව 18.1% වර්ධනයක් ලෙස හැදින්විය හැකි බවද පේමරත්න මහතා පැවසුවේය.

මේ සඳහා ගෙන ඇති උපාය මාර්ගික ක්‍රමවේදයන් වන නව ආරක්ෂිත සලකුණු (ස්ටිකරය) හඳුන්වා දීම, නීති විරෝධී ලෙස නිපදවන ස්ප්‍රීතූ සම්බන්ධ විමර්ශන තීව්ර කිරීම හා මත්පැන් නිෂ්පාදනාගාර, බලපත්‍ර ස්ථාන නිරන්තර පරීක්ෂාවන්ට ලක් කිරීම වැනි ක්‍රියාමාර්ග සුරාබදු ආදායම සුරක්ෂිත කිරීමට බෙහෙවින් ඉවහල් වී ඇති බව ද සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කර සිටියි.

එමෙන්ම 2025 වර්ෂයේ දීප ව්‍යාප්තව සිදු කරන ලද සුරා අපරාධ සම්බන්ධ වැටලීම් 22,094 ක් මඟින් අයකර ගෙන ඇති දඩ මුදල් ආදායම රු.113,857,637.00 කි. තවද නීති විරෝධීව ආනයනය කරනු ලබන තෙන්දු කොළ රාජසන්තක කර, වෙන්දේසි කිරීමෙන් ලබා ගත් ආදායම රු. 125,168,302.50 කි.

මීට අමතරව දීප ව්‍යාප්තව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පවත්වා සමාජ ආරක්ෂණය සැලසීමට ද සුරාබදු නිලධාරීන් පියවර ගෙන ඇති අතර එලෙස සුරාබදු ආදායම වැඩිවීම සඳහා නව රජයේ ප්‍රතිපත්තීන් හා සියලු ශ්‍රේණිවල සුරාබදු නිලධාරීන්ගේ පූර්ණ කැපවීම මහඟු පිටුවහලක් වු බව සුරාබදු කොමසාරිස් ජනරාල් වැඩි දුරටත් පැවසුවේය.