151 වන ලෝක තැපැල් දිනය මෙලෙස මෙම වර්ෂයේ දී සමරනු ලබන අතර, මෙරට සමරනු ලබන 56 වන ජාතික තැපැල් දින සැමරුම් උත්සවය ද මෙය වේ.
තැපැල් සේවාවට දීර්ඝ ඉතිහාසයක් සහ ආර්ථික වැදගත්කමක් සහිත සේවාවක් බවත් තැපැල් සේවාවේ ජාතික පුනරුදයක් වත්මන් රජය ඇති කරමින් පවතින බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
තැපැල් සේවාව අනෙක් දෙපාර්තමේන්තු මෙන් නොව සේවා සපයමින් ආදායම් ඉපයීම ද සිදු කරන බවත් එය සුවිශේෂි බව ද අවධාරණය කරන ලදි.
සපයන සේවා ශක්තිමත් කිරීමට මානව සම්පත් සංවර්ධනය, ගොඩනැගිලි සංවර්ධනය, නවීන තාක්ෂණයෙන් යුක්ත කිරීමට රජය කටයුතු කරන බවත්, සියළු තැපැල් කාර්යාල ව්‍යවසායික මධ්‍යස්ථාන බවට පත් කිරීමේ වගකීම සියළු තැපැල් සේවකයින් සතු බවත් ඒ සඳහා ශක්තිමත් මානව සම්පතක් තැපැල් සේවාව සතු බව ද පෙන්වා දෙන ලදි.
152 තැපැල් දිනය වේගයෙන් සංවර්ධනය වු, නවීන තාක්ෂණය මුසු වු, රජයට බරක් නොවන ඉලක්ක ජයගත් සේවාවක් ලෙස ජනතා විශ්වාසය ද සමග සැමරීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
