මාලිගාවත්ත දුම්රිය අංගනයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන පන්තියේ මැදිරියක වැසිකිළියක තිබී දින 03ක් පමණ වයසැති බිළිදු මළ සිරුරක් හමුවීම සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කරයි.
පොලිසිය සඳහන් කළේ, එම බිළිදු මළ සිරුර එම ස්ථානයට ගෙනවිත් දමා ඇත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.
මෙම දුම්රිය පිරිසිදු කිරීමට එක්වූ සේවයන් පිරිසකට ඊයේ මෙම මැදිරිය දෙසින් දැඩි දුර්ගන්ධයක් දැනී ඇති අතර ඒ අනුව කළ පරික්ෂාවේදී ඔවුන්ට මල්ලක දමා තිබූ මෙම බිළිදු මළ සිරුර හමුවී තබීමත් සමගින් අදාල අංශ දැනුවත් කර ඇති බවයි.
