Spread the love

නිමල් රාජපක්ෂ-

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ (CHOGM) 28 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබියුඩා රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නොවැම්බර් 07 වන දින කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියා ය..

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල නායකයින් සමඟ ගෝලීය ආර්ථික හා සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවලට එක් වූ අතර, පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා සාමාජික රටවල් අතර සහයෝගීතාව සහ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු කෙරිණි.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් කිහිපයක නායකයන් සහ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම්වලට ද එක් වූවාය.