නිමල් රාජපක්ෂ
හලාවත, ඓතිහාසිකg මුන්නේශ්වරම් ශීවන්v කෝවිලේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව පැවති විශේෂ ආශිර්වාද පූජාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) දින සහභාගී වූවාය.
වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික මුන්නේශ්වරම් කෝවිලේ වාර්ෂික මංගල්‍යය නිකිණි මාසය මුල් කරගනිමින් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී සති හතරක කාලයක් පුරා උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.
කප් සිටුවීම, ගණදෙවි පූජා සහ විශේෂ දෛනික පූජාවන්ට අමතරව පුරාණ චාරිත්‍රානුකූලව පැවැත්වෙන ගිනි පෑගීමේ මංගල්‍යය ද ඇතුළත් මෙම උත්සව සමය සඳහා දිවයින පුරා විසිරී සිටින හින්දු, බෞද්ධ, කතෝලික හාC ඉස්ලාම් ආගමික බැතිමතුන් විශාල පිරිසක් එක්වෙති.
මුන්නේශ්වරම් කෝවිල් පරිශ්‍රය වෙත පැමිණි අග්‍රාමාත්‍යතුමිය, ශිව දෙවිඳුන් උදෙසා පැවැත්වුණු විශේෂ පූජාවට සහභාගී වූ අතර, දේවාලයේ පූජක මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යතුමිය වෙත සෙත් පතා ආශිර්වාද සිදු කළේය.
