නිමල් රාජපක්ෂ-
‘ක්ලීන් ශ්රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ පවිත්ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර යන තේමාව පෙරදැරිව ක්රියාත්මක වන ‘අත්තම’ ජාතික පවිත්රතා දින වැඩ සටහනට සමඟාමීව, නාවික හමුදාව මඟින් පවිත්ර කිරීමේ වැඩසටහන් මාලාවක් 2026 ඔක්තෝබර් 31 වැනි දින මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකරණු ලැබීය.
ඒ අනුව, මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ කඩවත නගරය ආශ්රිත ප්රදේශය, මොරගොල්ල මහජන සෞඛ්ය කාර්යාලය අවට පරිශ්රය, නවලෝක උද්යානපුර ළමා උද්යනය, විතාරන්දෙණිය සුදර්ශණ ග්රාමයේ වැව හා වීරකැටිය හදපාන්ගල ග්රාමයේ වැව ආශ්රිත ප්රදේශය, සිලාවතුර මුසලි ජාතික පාසල් පරිශ්රය, වනාතවිල්ලුව පටුවැව ආශ්රිත ප්රදේශය, ඉලන්තන්ඩිය වෙරළ, මුන්දලම දකුණ කනමුල්ල ග්රාමයේ ඇල මාර්ගය, ලාහුගල නීලගිරි විහාරස්ථානයේ මාර්ගය දෙපස පැල සිටුවීම, යාපනය සෙත්තකුලම් වෙරළ තීරය සහ යාපනය දිස්ත්රීක් ලේකම් කාර්යාල පරිශ්රය මෙම පවිත්රතා වැඩසටහන් යටතේ පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා ප්රජාසත්කාරක දායකත්වය ලබා දීම; බටහිර, දකුණ, වයඹ, ගිනිකොණ සහ උතුර යන නාවික විධාන මඟින් සිදුකෙරිණි.
තවද, මෙම පවිත්රතා වැඩසටහන මඟින් අදාළ ප්රදේශ ආශ්රිතව එක්රැස්ව තිබූ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු ඝන කැලිකසල පරිසරයට හානි නොවන පරිදි වෙන්කර නිසි ක්රමවේදයට අනුව බැහැර කිරීමට නාවික හමුදාව දායක විය.
