Spread the love

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බැවින් එහි බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ දකුණු පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි යි.

මෙම ප්‍රෙද්ශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.