Spread the love

නිමල් රාජපක්ෂ-

“අද ඓතිහාසික දවසක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනෙක් වේලාසටහන්කරු තනතුරට පත්වීම් ලබනවා. මෙම තනතුරු නාමය තවත් වසර 05 ක් වගේ කාලසීමාවක් තුළ වෙනස් වීමට නියමිතයි

. මෙහි වගකීම් මෙන්ම කාර්යභාරය හාත්පසින්ම වෙනස් වෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවන වර්ථනීය වෙනසත් සමගින් මෙම තනතුර ද වෙනස්වීමට නියමිතයි. දෙදහසක් පමණ අයදුම්පත් අතරින් තමයි මේ 18 ක්  තොරාගෙන තිබෙන්නේ. ඒ නිසා පත්වීම් ලබන මේ හැමෝම වාසනාවන්තයි.

ජාතික ගමනාගමන කොමිශන් සබාවෙන් අද ලබාදෙන මේ පත්වීම් වල විශේෂත්වය වන්නෙ, ඔබ අද පත්වීම් ලබන මේ රජය යටතේමයි ඔබට විශ්‍රාම යන්න වෙන්නෙත්. ඒ වගේම  වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධකයන් සමගින්, ජීවත්විය හැකි මට්ටමක වැටුපකට අපි ක්‍රමිකව රජයේ සේවකයන් රැගෙන යනවා යැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකරන ලද්දේ, ජාතික ගමනාගමන කොමිසන් සභාවට බ බදවාතලත් වේලාසටහන්කරවන් 18 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට වෙමිනි.  ඉල්ලුම්පත් කැඳවීමෙන් අනතුරුව පැවති සම්මුඛ පරීක්ෂණයන් තුළින් උපරිම සුදුසුකම් සපුරා ඇති මෙම 18 දෙනා තොරාගැනීම සිදුකර තිබේ. මෙහි සුවිශේෂීත්වය වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කාන්තාවන් දෙදෙනෙක් මෙම වේලාසටහන්කරු තනතුරු සඳහා බඳවා ගැනීමයි.

පැමිණ සිටි පිරිස පිළිගනිමින් සභාව ඇමතූ ජාතික ගමනාගමන කොමිශන් සබාවේ සභාපති චී.ඒ. චනද්‍රපාල මහතා පැවසුවේ, අද මෙ මපත්වීම් ලබන පිරිස වේලාසටහන්කරු යන නාමයට සීමාවී ක්‍රියා නොකලයුතු බවත් ,අනාගතයේදි චසිදුකරන ඩිජිටල්කරණ වැඩසටහන යටතේ මොවුන්ගේ කාර්යභාරය සහ වගකීම් පුළුල් ක්ෂේත්‍රයක් කරා යන බවත්ය. තවද  මෙම නව පත්වීම් ලාභීන්වෙනුවෙන් පුහුණු වැඩමුළු ද සංවිධානය කරන බව ඒ මහතා පැවසීය.  

එසේම රැකියා සඳහා බඳවාගැනීමේදී ක්‍රියාත්මකවූ පැරණි දේශපාලන සංස්කෘතිය බැහැර කරමින්, හැකියාවට රැකියාවක් ලබාගැනීමේ පැහැදිළි ක්‍රමවේදයකට අනුගත වූ නව රජය යටතේ රැකියා අවස්ථා හිහිකරගත් පිරිසගේ යුතුකම වන්නේ, අවංකව, කාර්යක්ෂමව මෙන්ම වඩාත් විනිවිදභාවයෙන් යුතුව රට පෙරට ගෙනයාමේ යාන්ත්‍රණයට එක්වීම බවත්, අයථා ක්‍රමවේදයන් ඔස්සේ මුදල් ඉපයීමෙන් බැහැරව තමා ගන්නා වැටුපට සරිලන ජීවන රටාවකට හුරුවිය යුතු බවත් වෘත්තීය සමිති නියෝජිත (ජනතා විමුක්ති පෙරමුණ)  රෝහන කුමාර මහතා පැවසීය.

ස්තුති කතාව ඉදිරිපත් කරමින් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, සාධාරණව සිදුකළ සම්මුඛ පරීක්ෂණයකින් තේරීපත් වූ මේ පිරිස, අයහපත් සංස්කෘතියෙන් බැහැරව යහපත් සංස්කෘතියක් තුළ සැමට සාධාරණව තම කාර්යය සිදු කරමින්, රටේ සුපිළිපන්භාවය පවත්වාගෙන යාමට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.   

මෙම අවස්ථාවට ජාතික ගමනාගමන කොමිශන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල, අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා යන මහත්වරැන් ප්‍රමුඛ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින් ද සහභාගී වුහ.