නිමල් රාජපක්ෂ
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ ( 06) පස්වරුවේ
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණයක නිරත වුණා.
රෝහල වෙත පැමිණි අමාත්‍යතුමා තුවාල ලබා සිටින නිලධාරීන්ට සිදු කරන ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරන ලදී.
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වු ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, රැඳවියන් 54 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි
