Spread the love

අම්බලන්ගොඩ හා පිටිගල යන ප්‍රදේශවල ඊයේ (12) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ඇත.

අම්බලන්ගොඩ, ගලගොඩ, වෙලපාරේ පිහිටි වෙළෙඳසැලක් අසලදී ඊයේ රාත්‍රී 8.35ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබූ අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු T 56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ .

මේ අතර පිටිගල, ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිටදී ද ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව කාන්තාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇත.