Spread the love

ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි (Khalid AAmeri )මහතා අතර වි⁣ශේෂ හමුවක් වරාය පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි.
එහි දී මෙරට වරාය හා ගුවන් සේවා සඳහා ආයෝජනය කරන්නට කැමැති බව ප්‍රකාශ කළ තානාපතිවරයා මෙරට නව City terminal (Port City හි නිර්මාණය කළ හැකි ගුවන් පර්යන්තයක්) සඳහා ආයෝජනයට ද එකඟතාවය පළ කලේ ය.
එමෙන් ම මෙම මස මැද භාගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයකට යෑමට නියමිත ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානාක මහතාව මහත් හරසරින් පිළිගන්නට සූදානම් බව තානාපතිතුමා ප්‍රකාශ කලේ ය.
තව ද මත්තල ගුවන් තොටුපොළටත් UAE Airlines සමාගමට බිමල් රත්නායක අමාත්‍යවරයා කළ ආරාධනය සළකා බලන බව තානාපතිවරයා ප්‍රකාශ කලේ ය.