Spread the love

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් (දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශය) ඩොනල්ඩ් ලූ දෙසැම්බර් 03 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලයේ සංචාරය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව, ලේකම්වරයා ලබන 05 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමත්, තිරසාර ආර්ථික වර්ධනයන් ප්‍රවර්ධනය කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණු බව සඳහන්.