Spread the love

අරගලකරුවන්ට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පළමු දිනයේම පහර දී එලවා දැමුවේ නම් තවමත් තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

තමන් පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකා ගානේ ගොස් කළ හැකි සියලු දෑ කළේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට බවද, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කිසිවෙකුට බිය නොමැති පුද්ගලයෙක් බවද ඔහු සඳහන් කළේය.

නමුත් තමාට ඇති කණගාටුව නම් ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළ ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා නොකිරීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.