Spread the love


නිමල් රාජපක්ෂ-.

අරනායක දිප්පිටිය ප්‍රදේශයේ නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය බීඩි නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් 9557600 ක් වටිනා බීඩි හා තෙන්ඩු කොල තොගයක් සමගින් එක් සැකකරුවකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් පෙරේදා (30) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බීඩි තොගයේ කිසිදු නමක් නොයෙදු බීඩි 627000 ක් , තෙන්ඩු කොල කිලේ 14 ක් දුම්කොල කිලෝ 30 ක් තිබු බව දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ (කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය)ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතා පවසයි. අදාල සැකකරු කාලයක් තිස්සේ බලපත්‍රයක් නොගෙන බීඩි නිෂ්පාදනය කර බලපත්‍ර ලත් අයට අලෙවි කරන බවද සුරාබදු නිලධාරින් සිදු කල ප්‍රශ්න කිරීම් වලදි සොයා ගෙන තිබේ.


මෙසේ බලපත්‍ර නොගෙන හොරට බීඩි නිෂ්පාදනය කිරීම නිසා රජයට රුපියල් ලක්ෂ විස්සක බදු මුදලක් රජයට අහිමි වි ඇතැයිද නීල් ඒකනායක මහතා පැවසුවේය.
අදාල සැකකරු ඉදිරියේදි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්. ඒ පේමරත්න මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරීම් තිස්ස කුමාර රාජපක්ෂ සහ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී පී.එන් .හේමන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත , කොලඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතාගේ අධික්ෂණය යටතේ , සුරාබදු පරීක්ෂක සරත් ජයවිර .කෝප්‍රල්වරුන්වන 947 සිල්වා, 1058 උදාර, 1062 බුද්ධික , නියාමක රියදුරු හරිස්චන්ද්‍ර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.