2026 සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවෙන් පසු රාජකාරී ආරම්භය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද .20) දින අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.
මෙහිදී අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට අලුත් අවුරුදු සුභපැතුම් එක් කරමින් අමාත්‍යතුමා මෙසේ සඳහන් කලේය.
“අලුත් අවුරුද්දේ සියලුම ප්‍රශ්ණ, ගැටළු විසදා ගැනීමට අවස්ථාව ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. පුද්ගලික ජීවිතයේ අභියෝග තියෙනවා, වෘත්තීය ජීවිතයේත් බොහෝ අභියෝග තියෙනවා කෙසේ වෙතත් අපි සතුටින් ජීවිතය ගත කල යුතුයි. අපි සියළු දෙනා අතින් සුළු සුළු වැරදි වන නමුත් රාජකාරී ජීවිතයේදී කණ්ඩායමක් ලෙස අපි අතින් සිදු වුන සුළු සුළු වැරදි තේරුම් අරගෙන ඒ්වා නිවැරදි කරගනිමින් හිත් රිදීම් පුළුවන් තරම් අවම කරගෙන ඉදිරියට යන ඒක තමයි අපේ සාර්ථකත්වය. මට විශ්වාසයි මේ ගමන අපට යන්න පුළුවන් කියලා.”
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයෙෂා ජිනසේන මෙනවිය, අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්විය.
