Spread the love

නිමල් රාජපක්ෂ-

වාහන ආනයන කටයුතු සඳහා සීමා පනවා තිබියදී ක්ෂේත්‍රෙය් අවශ්‍යතාවය මත සංචාරක ක්ෂේත්‍රයට අදාල වාහන 1000 ක් ගෙන්වීම සඳහා පමණක් අවසර දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ගෙන්වීමට අවසර හිමිව ඇති බවයි.
ඒව ගෙන්වීම සඳහා සංචාරක අමාත්‍යාංශය මගින් අවසර ගත යුතු අතර ඒ අනුව ආනයන ආපනයන පාලක දෙපාර්තමේන්තුව ඊට අනුමැතිය ලබා දෙන බවයි.
ලොව පිලිගත් ක්‍රමවේදයන්ට අනුව වසර 6 කට වඩා පැරැණි රථ වාහන සංචාරකයන් ප්‍රවාහනය සඳහා යොදා නොගන්නා බවත් ඩොලර් සංචිතය වෙත අවම බලපෑමක් වන පරිදි මෙලෙස ආනයනය කිරීමට අවසර හිමි වන්නේ වසරක් පැරැණි වාහන පමණක් බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම වැඩපිලිවෙල් වඩාත් විනිවිද භාවයෙන් යුතුව පසුවිපරම් සහිතව සිදු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය