අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දීමනාව අද අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ප්රකාශ කළේය.
ඒ අනුව අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබා ගැනීම සදහා ප්රතිලාභීන් 599,730 ක් සුදුසුකම් ලබා සිටි.
මෙම ප්රතිලාභීන් සදහා රුපියල් කෝටි 299ක මුදලක් වෙන් කර ඇති බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ප්රකාශ කළේ.
