නිමල් රාජපක්ෂ-
අපද්‍රව්‍ය ඉවත් කිරීම, අත්‍යවශ්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රත්‍යස්ථ ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හරහා නව ව්‍යාපෘතිය මගින් දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දහස් සංඛ්‍යාත ජනතාවට සහයෝගය ලබාදේ
ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ශ්‍රී ලංකා රජය සමඟ ඒකාබද්ධව දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාව කඩිනමින් ප්‍රතිසාධනය කිරීම් සඳහා වූ මෙම නව ව්‍යාපෘතිය සඳහා අද දින අත්සන් තැබිණි.
මෙම වැඩසටහන “දිත්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්හි සහභාගීත්ව ප්‍රවේශයක් හරහා ආපදා අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ ප්‍රජා පහසුකම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය”ලෙස නම් කර ඇති අතර, එහි අරමුණ වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශය යළි ස්ථාපිත කිරීම, හදිසි පාරිසරික අවදානම් වලට විසඳුම් ලබා දීම සහ වඩාත්ම බලපෑමට ලක්වූ ප්‍රදේශවල ප්රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමයි.
මේ සඳහා ශ්‍රී ලංකාවේහි ජපාන තානාපති අකිඔ ඉසොමත , එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නේවාසික නියෝජිතවරිය අසුසා කුබෝටා අත්සන් තැබූ අතර රාජ්‍ය පරිපාලන, පළාත් සහ පළාත් පාලන අමාත්‍ය ලේකම්, එස්. ආලෝකබණ්ඩාර මහතා, සහ රජයේ ආයතන සහ හවුල්කාර සංවිධානයන්හි නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගි විය.
2025 නොවැම්බර් මස අගභාගයේදී පැමිණි දිට්වා සුළු කුණාටුවේ විනාශකාරී බලපෑමට මිලියන 1.7 ක පමණ ප්‍රජාවක් ගොදුරු වී ඇතිබව ඇස්තමේන්තු කර ඇති අතර මෙම ව්‍යාපෘතිය වැඩිම හානියට පත් ප්‍රදේශයක් වූ මධ්‍යම පළාතේ මානුෂීය සහන අවශ්‍යතා සපුරාලීම සඳහා ගනු ලබන අතිශය වැදගත් පියවරක් ලෙස සැලකේ.
මෙම වැඩසටහන ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින්, පරිසර හිතකාමී විදුලි ත්‍රිරෝද රථ භාවිතා කරමින් ආපදා සම්බන්ධ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය සහ සැහැල්ලු අපද්‍රව්‍ය එකතු කිරීම හා කළමනාකරණය සඳහා සහාය ලබා දෙනු ඇත.
එසේම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ළමා සුරැකුම් සේවා සහ සමාජ සහාය වැනි අත්‍යවශ්‍ය සේවා සපයන බහුකාර්ය ප්‍රජා පහසුකම් පුනරුත්ථාපනය කිරීම සඳහා ද සහාය ලබා දෙනු ඇත. මෙම ව්‍යාපෘතිය හරහා ආසන්න වශයෙන් 228,500 ක ප්රජාවකට සෘජු ප්රතිලාභ ලැබෙන අතර තවත් 700,000 ක පමණ ප්රජාවකට වක්‍ර ලෙසද වැඩිදියුණු කළ සේවාවන් සහ ශක්තිමත් වූ අපද්‍රව්‍ය කළමනාකරන පද්ධතීන් තුළින් ප්රතිලාභ ලබයි.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීම සහ ජාතික ප්‍රමුඛතා සමඟ අනුකූල වන තිරසාර හා සමානාත්මතා මත පදනම් වූ ජාතික සංවර්ධන ක්‍රියාවලියට සහාය දීම සඳහා ගෙන යන පුළුල් ප්රයත්නයන්ට ද දායක වේ.
