දේවින්ද පිණිදිය
ආපදාවට ලක් වු රෝහල් නැවත ප්‍රතිස්ථාපනයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 53 ක මූල්‍යාධාර ලැබී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
පසුගිය දිනවල මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇති වී තිබෙන හානි පිළිබඳවත්, කාර්ය මණ්ඩලයට ඇති වී තිබෙන දුෂ්කරතා පිළිබඳවත් සොයා බැලීමට මෙන්ම එම දුෂ්කරතා වලට කඩිනමින් විසඳුම් ලබාදීමෙි අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ (09) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණක යෙදෙන ලදි.
එහිදී ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නව රෝහලේ ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයට සිදුව ඇති යැයි සැළකෙන හානි සහ අවධානම් තත්ත්වය පිළිබඳවත්, අවධානමට ලක් වූ පැරණි රෝහලේ මාතෘ හා ළමා ඒකකය, පිළිකා සහ අනෙකුත් සායන ඒකක පිළිබඳවත්, ජල ගැලීම්, නායයෑම් සහ පස් කඩාවැටීම් හේතුවෙන් මහල් 04 කින් යුත් ගොඩනැගිලි සංකීර්ණ 02 ක් ඇතුළුව විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද නිලනිවාස 08 ක් පත්ව ඇති අවධානම් තත්ත්වයන් මෙන්ම සම්පූර්ණයෙන් විනාශයට ලක්ව ඇති නේවාසිකාගාර පිළිබඳවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී අවධානය යොමු කරන ලදි.
