නිමල් රාජපක්ෂ
බුලත්කොහුපිිටිය එලගල්ල ප්රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදි සතුන්ට මන්ද අටවමින් සිට පුද්ගලයකු වටලා ඹහු සන්තකයේ තිබු සතුන් දඩයම් කිරිම සදහා යොදා ගන්නා ආයුධ රැසක් ඊයේ (16) දහවල් අත්අඩංගුවට ගැනීමට බුලත්කොහුපිටිය බීට්ටු නිලධාරීන් සමත්වී ඇත.
මෙහිදී අදාල සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත තුවක්කු තුනක් ,සතුන් අල්ලන කේබල් මුදු ,කැබැල්ලෑ මස් කිලෝ දෙකක් සොයාගත් බව බුලත් කොහුපිටිය අඩවි සහකාර කේ.පී. උදය කරුණානායක මහතා පැවසුවේය.
අදාල සැකකරු 65 හැවිරිදි අයකු වන අතර රක්ෂිතයේ සතුන් හට අටවාතිබු මන්ද 2 ක් , සතුන්ට වෙඩි වැදීම සදහා අටවන ලද බදින තුවක්කු සොයා ද සොයා ගැනීමට අඩවි නිලධාරීන් සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් උපකරණ සමගින් සැකකරු මේ මස 27 වැනි දින කෑගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීිමට නියමිතය.
බුලත් කොහුපිටිය අඩවි සහකාර කේ.පී. උදය කරුණානායක මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ , වනසත්ව නියාමක සමිත උදාර ,ක්ෂේත්ර සහායකවරුන්වන, නාරද කලුආරච්චි,අනුර ජයතිස්ස යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
