ඇමෙරිකාවේ බෝල්ටිමෝ වරායේ යාත්‍රා කළ නෞකාවක් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමෙහි ගැටී සිදු වූ අනතුරින් 6 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.
ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය සැක පළකරන්නේ එම පිරිස අතුරුදන් වී ඇති කාලය සහ එම ප්‍රදේශයේ ජලයේ උෂ්ණත්වය අනුව ඔවුන් මියගොස් ඇති බවටයි .
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එලෙස ජලයට වැටී ඇත්තේ, පාලම මත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් සිටි කම්කරුවන් 6 දෙනෙක් බවයි .
සිංගප්පූරුවේ ධජය සහිත දිගින් මීටර් 300ක් වන අදාල බහාලුම් නෞකාව ඊයේ (26) පාලමේ ගැටී කඩා වැටුණේ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බලා යාත්‍රා කරමින් තිබියදීයි.