දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස සති අන්තයේ කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කිරීමට නව දුම්රියක් ලබන 16 වැනිදා සිට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව Ella Weekend Express නමින් නව දුම්රියක් එළැඹෙන 16 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 5.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් සහ 17 වැනිදා සිට සෑම ඉදිරිදා දිනකම බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයිද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
