Spread the love

ඉහළ මිළකට මිලදි ගන්නා  ඩීසල්වලින් විශාල ප්‍රමාණයක් මේ වන විට වත්මන් ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව වසාගැනීම වෙනුවෙන් භාවිතා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (.22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.    

එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා,

“ පසුගිය සතියේ ඉතාම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත්වුණා HSBC ප්‍රධාන විධායක නිලධාරි ජෝජස් එල් හෙඩරි කළ ප්‍රකාශය. ජෝජස් එල් හෙඩරි මේ ප්‍රකාශය කරන්නේ හොංකොන්හි ආයෝජන සමුළුවේදී බ්ලූම්බර්ග් ටෙලිවිෂන් ආයතනය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින්. බ්ලූම්බර්ග් ටෙලිවිෂණය කියන්නේ ලොව පුරා මිලියන 300 ට අධික සෘජු ග්‍රාහක පිරිසක් සහිත පැය 24 පුරා ක්‍රියාත්මක වන ගෝලීය වෙළඳාම සහ ගෝලීය මූල්‍ය තත්වයන් පිළිබඳ ලෝකයා වෙත කරුණු අනාවරණය කරන ඉතා ඉහළ පිළිගැනීමක් සහිත ආයතනයක්.