Spread the love

නිමල් රාජපක්ෂ 

ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සංචාරයට සමගාමීව, ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සංගීත කණ්ඩායම් එක්ව පවත්වනු ලබන ඒකාබද්ධ සංගීත ප්‍රසංගයක් අද දින (2026 ඔක්තෝබර් 27) කොළඹ ගාලු මුවදොර පිටියේදී උත්කර්ශවත්ව පවත්වණු ලැබීය.

ඒ අනුව, දෙරටේ සමුද්‍රීය සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් පැවති මෙම ප්‍රසංග අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති‍ රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා සහ                                ශ්‍රී  ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් එක්විය.

තවද, මෙම විචිත්‍රවත් අවස්ථාව දැක බලා ගැනීම සඳහා සාමාන්‍ය ජනතාවද අවස්ථාව උදාවිය.