Spread the love

ඉස්සර පාර්ලිමේන්තුවේ සිටින හොරුන්, වංචාකරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ජනතාව අද වනවිට අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

ඒ අනුව එය ජාතික ජන බලවේගය ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපීය මට්ටමට ඔසවා තැබීමට හැකි සංවේදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සමත්වී ඇති බවයි ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනතාව වෙනස්වී ඇති බවත් ඉස්සර හොරු පසුපස එළවූ ජනතාව අද අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්න කිරීම යහපත් කාරණාවක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.