උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා පවසයි.
උඩුගං බලා යන මෙරට සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීම සඳහා සංස්කෘතික සංගායනාවක අවශ්‍යතාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මහජන සේවකයින් වන දේශපාලනඥයින් පෙරහරින් වැඩම කරවීම අත්හැරිය යුතු බව ද මාතලේ බෞද්ධ මන්දිරයේ පැවති වැඩසටහනකදී අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා පැවසීය.
