Spread the love

උත්සව සමය වෙනුවෙන් හෙට (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ උත්සව සමයේ ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව වෙනුවෙන් එම තීරණය ගත් බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව විශේෂ බස් රථ 200කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට නියමිත බවයි.

මේ අතර උත්සව සමය වෙනුවෙන් ලබන 10 වැනිදා සිට දෛනිකව විශේෂ දුම්රිය සේවා 12ක් යෙදවීමට තීරණය කර ඇති අතර එම දුම්රිය සේවා ලබන 15 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ සඳහන් කළේ.