Spread the love

උතුරු සහ වයඹ පළාත් සඳහා නව පළාත් ලේකම්වරු පත්කර තිබේ.

ඒ අනුව උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී එම මහත්ම මහත්මීන් වෙත බාරදෙනු ලැබීය.