Spread the love


නිමල් රාජපක්ෂ-

උතුරු- නැගෙනහිර පළාතට ආවේණික තල් අරක්කු හා රා ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළද පොළට අපනයනය කර ඒ ආශ්‍රිත කර්මාන්තයේ නියැලෙන ප්‍රඡාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවිමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ තල් කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවන් හා අපනයන කරුවන් පිරිසක් කොළඹ පිහිටි සිය අමාත්‍යංශයේදි හමු වු අවස්ථාවේදිය

මෙහිදි අදහස් පලකර අපනයන කරුවන් කියා සිටියේ තල් ශාකය මගින් ලබා ගන්නා රා සහ අරක්කු සදහා ශ්‍රි ලංකිකයන් බහුලව වෙසෙන කැනඩාව,ප්‍රංශය ,ස්විස්ටර්ලන්තය ,නවසිලන්තය ආදිය රටවලට විශාල ඉල්ලුමක් පවතින බවත් තවද මෙ රට සුඛෝප භෝගි හෝටෙල්ලටද මේවා සදහා විශාල ඉල්ලුමක් ඇති බවයි.

එම ඉල්ලුම සපුරා ලිමට උතුරු නැගෙනහිර පළාතේ වෙළදාමේහි යෙදෙන්නටද බාදාවක් නොවන ආකාරයට මිලදි ගෙන අපනයනය කිරිම තම අපේෂාව වන බවත් තවද තල් හකුරු, තල් බිම වලටද විශාල ඉල්ලුමක් පවතින බැවින් කර්මාන්ත කරුවන් මේ සදහා යොමු කර විදේශ වෙළද පොලේ ඉල්ලුම අනුව නිෂ්පාදනය වැඩි කිරිමට අමාත්‍යවරයාගේ සහයොගය අපේෂා කරන බවද එම නියෝජිතයන් පැවසිය.

කර්මාන්ත කරුවන් තව දුරටත් මෙහිදි ප්‍රකාශ කර සිටියේ තම නිෂ්පාදනයන්ට සහන මිලක් ලැබේන්නේ නම් එම නිෂ්පාදන අපනයන කරුවන්ට ලබා දිමට අපේෂා කරත බවත් ඒවා ඇසුරුම් කිරිම සදහා බෝතල් සෝදන යන්ත්‍රයක් ආදි යටිතල පහසුකම් ලබා දිමට කටයුතු කරන්නේ නම් තම නිෂ්පාදන ගුණාත්මකව ලබා දිය හැකි බවද කීවේය.