Spread the love

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන (29) අගහරුවාදා සිට අප්‍රේල් මස 08 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසීය.

සංගීතය හා ඉන්දිය නර්ථන, නැගෙනහිර කර්නාටක සහ බටහිර සංගීතය යන විෂයන්වල පමණක් ප්‍රායෝගික පරීක්ෂණ මෙම දිනවල පැවැත්වෙන බව පැවසීය. නාට්‍ය හා රංග කලා විෂය හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන සෙසු විෂයන්ට අදාල දින පසුව දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

දිවයිනපුරා පිහිටුවා ඇති ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථානවලදී එම පරීක්ෂණ පැවැත්වේ. විභාගයට පෙනි සිටිමට අවශ්‍ය ප්‍රවේශපත්‍ර තැපෑලෙන් යොමුකර ඇති බව පැවසීය.

ප්‍රායෝගික පරීක්ෂණ සදහා මෙතෙක් ප්‍රවේශපත්‍ර නොලැබුනු අපේක්ෂකයන් වෙතොත් www.donets.lk වෙබ් අඩවියට පිවිසිමෙන් විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය භාවිතා කරමින් ප්‍රවේශපත්‍රය බාගත කරගත හැකි බව පැවසීය.කොවිඩ් ආසාදිත විභාග අපේක්ෂකයන් සිටි නම් 0112784208 යන දුරකථන අංකය අමතා දැනුම්දිය යුතු බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.