එකම ටෙන්ඩරය හතර වතාවක් ප්‍රතික්ෂේප වූ බවට විපක්ෂය නඟන චෝදනා අසත්‍ය බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රීවරයෙකු සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇමති වසන්ත සමරසිංහ මෙම පැහැදිලි කිරීම කළේය.
“ටෙන්ඩරයක් හතර වතාවක් රිජෙක්ට් වෙලා නෑ. සතොස සහල් ගෙන්වීම සඳහා දැම්ම පළමු ටෙන්ඩරේ සහල් ටොන් 5200යි. රාජ්‍ය ටෙන්ඩර් පටිපාටිය අනුව අපි ටෙන්ඩරේ දැම්මා.
ඒකට සැපයුම්කරුවන් දෙන්නෙක් ඉදිරිපත් වුණා. එක්කෙනෙක් ටොන් 3750ක් දැම්මා. දෙවෙනියා දැම්මේ 1500යි.
ඒ අනුව ටෙන්ඩර් කළ සහල් ප්‍රමාණය සැපයුම්කරුවන්ට ටෙන්ඩර් පටිපාටිය අනුව සපයන්න බැරි වුණා මිසක් ටෙන්ඩරේ රිජෙක්ට් වුණේ නෑ.
දෙවෙනි ටෙන්ඩර් එකට සැපයුම්කරුවන් ඉදිරිපත්වුණේ නෑ. තුන්වෙනි ටෙන්ඩර් එකේ රිජෙක්ට් වුණේ කොලිටි එක.”