Spread the love

එක්සත් ජාතික පක්ෂයේ කඩවත ඇල්දෙණිය ප්‍රධාන කාර්යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.

අද දිනයේ එල්ල කර ඇති මෙම බෝම්බය පිපිරී නොමැති අතර එනිසා සිදුවීමට ගිය විනාශයක් වැළකී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

කාර්යාලයේ ඉදිරිපිට මාර්ගයේ බෝම්බයේ කොපුව හමුවේ ඇති අතර නොපි පිරුණු බෝම්බය පක්ෂ කාර්යාලය තුළ තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.