Spread the love

එක පුද්ගලයෙකුට අයත් බහාලුම් තොගයක් මුදා හැර ඇති බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව පවසයි.

ඒ අනුව පරික්ෂා කිරීමකින් තොරව මුදාහරින ලද බහාලුම් විවිධ පාර්ශවලට අයත් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

රේගු ඉතිහාසයේ කිසිදු දිනක එක පුද්ගලයෙකුට බහාලුම් 323 ක් ලැබී නොමැති බවයි රේගු නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.