නිමල් රාජපක්ෂ
කටාර් රාජ්‍යයේ හිටපු අමීර්වරයාගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා කටාර් රාජ්‍ය බලා පසුගියදා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියා ය.
කටාර් රාජ්‍යයේදී දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගය (Lusail Palace) වෙත ගොස් වත්මන් අමීර්වරයා වන අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි (HH the Amir Sheikh Tamim bin Hamad Al-Thani) මහතා හමුවී සිය ශොකය ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යතුමිය, අනතුරුව අල් වජ්බා (Al Wajba) මාලිගය වෙත ගොස් කටාර් රාජ්‍යයේ අමීර්වරයාගේ මෑණියන් මෙන්ම කටාර් පදනමේ (Qatar Foundation) සභාපතිනිය ද වන ෂෙයිකා මෝසා බින්ට් නසාර් (Her Highness Sheikha Moza bint Nasser) වෙතත්, අභාවප්‍රාප්ත හිටපු අමීර්වරයාගේ (Father Amir) දියණියන් වන ෂෙයිකා අල් මයාසා බින්ට් හමාඩ් අල් තානි (Her Excellency Sheikha Al Mayassa bint Hamad Al Thani) කුමරිය සහ ෂෙයිකා හින්ද් බින්ට් හමාඩ් අල් තානි (Her Excellently Sheikha Hind bint Hamad Al Thani) කුමරිය වෙත මෙන්ම රාජකීය පවුලේ සෙසු සාමාජිකයින් වෙත හා කටාර් රාජ්‍යයේ සමාජ සංවර්ධන හා පවුල් කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන බුතයිනා බින්ට් අලි අල් ජබර් අල් නුඅයිමි (Buthaina bint Ali Al Jabr Al Nuaimi) මහත්මිය වෙතද ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ශෝකය පළ කර සිටියාය.
