Spread the love

නිමල් රාජපක්ෂ

කඩාකප්පල්කාරි පිරිසක් පෙරේදා (25) සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක් සපයන ගොවීන්ගේ වගාභූමි ගිනි තැබීමෙන් උක් මෙට්‍රික් ටොන් 14000ක පමණ වගා භූමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ලංකා සීනි සමාගම පවසයි
මේ සම්බන්ධයෙන් ලංකා සීනි සමාගමේ නිළධාරීන් සෙවනගල පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් අදාල පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

මොනරාගල දිස්‍ත්‍රික් සම්බධීකරණ කමිටු සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ඊයේ (26) සෙවනගල කර්මාන්තශාලාවට පැමිණ කර්මාන්තශාලාවේ නිළධාරින් සහ ගොවි ජනතාව සමඟ මෙම ගැටලුව සම්බන්ධයෙන් රජය ලෙස ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන ලදි.