තල්දූව, අමිතිරිගල මැදගොඩ ප්රදේශයේ දී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවු බිහිසුණු අනතුරකින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රුවන්වැල්ල පොලිසිය පවසයි.
අනතුර සිදු වී ඇත්අතේ ද (8) පස්වරු 5.00ට පමණය. අනතුරින් තුවාල ලැබුවන් ප්රතිකාර සදහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර තිබේ.
මෙම අනතුරෙන් පසු මෝටර් රථය ප්රපාතයකට පෙරළී ඇති අතර, යතුරුපැදිය ද ගිනිගැනීමකට ලක්ව තිබූ බවටයි වාර්තා වන්නේ.
