Spread the love

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100 වඩා වැඩි තද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද (11) දහවල් 12.11ට බත්තලන්ගුන්ඩුව, මැදවච්චිය, හොරොව්පතාන සහ  ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇත.