Spread the love

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව අද (01) දිනයේ දී,පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල, මාතර, රත්නපුර, කළුතර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර ඌව සහ වයඹ පළාත් වලත් මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක වලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 දක්වා වැඩි විය හැකියි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් හෙට (02) රාත්‍රියේ සිට 4 වනදා දක්වාවැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

. මෙම කාලය තුළ එම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති වීය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි..