Spread the love


නිමල් රාජපක්ෂ

ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ආරක්ෂක සේවා කැරම් තරඟාවලියේ පිරිමි හා කාන්තා සුරතාවය ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනා ගැනීමට සමත්විය.
මෙම තරගාවලියේ ත්‍යාඟ සහ සහතිකපත් ප‍්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් කසුන් අධිකාරි මහතා සහභාගි විය.
මීට අමතරව ගුවන් හමුදා කැරම් කණ්ඩායමේ සභාපති ගෲප් කැප්ටන් නුෂාන් රාජපක්ෂ සහ නාවික හමුදා කැරම් කණ්ඩායමේ සභාපති කමාන්ඩර් චන්දන වික්‍රමාරච්චි යන මහත්වරුන් හා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් රැසක් සහභාගී වුහ.