නිමල් රාජපක්ෂ
කැළණිවැලි දුම්රිය මාර්ගයේ අනවසරයෙන් තනා තිබු නිවාස තුනක් ඊයේ (03) කඩා ඉවත්කල බව මරදාන දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරින් පවසයි.
කැළණිවැලි දුම්රිය මාර්ගය ඉදිරියේදී රත්නපුරය දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපාතිය යටතේ මාර්ගය සංව්ර්ධනය කිරීමේදී අනවසර නිවාස ලාභීන්හට කොට්ටාව මාලපල්ල මහල් නිවාස සංකිර්ණයෙන් නිවාස ලබා දීමට රජය කටයුතු කළේය.
එම නිවැසියන් නිවාස සංකීර්ණ වලට ගිය පසු ඹවුන්ගේ ඥාතීන් හා යහලුවන් යලින් දුම්රිය මාර්ගයේ අනවසර නිවාස ඉදිකිරීමට පටන්ගෙන තිබිණ.
කැළණිවැලි මාර්ගයේ ස්ථිර මාර්ග පරික්ෂක වරයා යළිත් අනවසර නිවාස හතරක් ඉදිකර ඇති බවට කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (3) මහරගම, පන්නිපිටිය හා කොට්ටාව යන දුම්රිය ස්ථාන අසළ ඉදිකර තිබු අනවසර නිවාස තුනක් කඩා ඉවත් කළහ.
අනික් නිවාසයේ නිවැසියෙන් නොසිටි බැවින් ඉදිිරියේදී එම නිවාසයට කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බවද දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරින් පැවසුවේය.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ උපදෙස් මත, දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ගේ අධීක්ෂණයෙන් , මරදාන දුම්රිය ආරක්ෂක හමුදාවේ ස්ථානාධිපති ප්‍රදිප් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් දුම්රිය ආරක්ෂක අසංක විතානආරච්චි , දුම්රිය කාර්ය සහායක මුණසිංහ යන නිලධාරීන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ස්ථිර මාර්ග පරීක්ෂක කාර්යාලයේ සේවකයින් දෙදෙනකුගේ ද සහාය ඇතිව මෙම ඉවත්කිරීම සිදු කළහ.
