Spread the love

පොසොන් නිවාඩුවෙන් අනතුරුව සුපුරුදු පරිදි අද දිනයේ සිට රජයේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා පවසයි.
ඒ අනුව මහනුවර, උතුරු මැද සහ වයඹ යන ප්‍රදේශ තුළ අද දින එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමයේ පැවසුවේය.