යුද්ධය සමයේදී LTTE සංවිධානයේ බැංකුවල හා එම සංවිධානය සතුව තිබී යුද හමුදා භාරයේ මෙතෙක් රඳවා තබාගෙන තිබූ රත්‍රං, රීදී, මැණික්, ස්වර්ණාභරණ රජය වෙත භාරදීම යුද හමුදා මූලස්ථානයේදී අද දිනයේ සිදුවිය.
මෙසේ බාර දුන්නේ ස්වර්ණාභරණ සහිත පාර්සල් 120කි.
ශ්‍රී ලංකා මැණික හා ස්වර්ණාභරණ අධිකාරියේ මගින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාරදීමට නියමිතය.
මෙම රන් භාණ්ඩ පරීක්ෂාවට ලක්කිරීම අනතුරුව එහි වටිනාකම හා බර ප්‍රමාණය ප්‍රකාශයට පත්කරන අතර අදාල රන් භාණ්ඩවල හිමිකරුවන්ට සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව යළි භාරදීමට කටයුතු කිරීමට නියමිතය.